Ada-Derana-1140-X-60-S 1200 add-02

කැනඩාවේ සමූහ මිනී වළක ළමා සිරුරු කොටස් 215 ක්

214
11453136468821839297
add-01

කැනඩාවේ ආදිවාසීන් දරුවන් සඳහා පැවති දැනට වසා දමා ඇති නේවාසිකාගාර පාසලක තිබී ළමයින් 215 දෙනෙකුගේ දේහ කොටස් සහිත සමූහ මිනිවලක් සොයාගෙන තිබෙනවා.

1978 වසරේදී වසා දැමූ මෙම කම්ලූප්ස් ඉන්දියානු නේවාසික පාසලේ සිටි සිසුන් මියගියේ කෙසේද යන්න හෝ එය කුමන කාලයකදී සිදු වූයේද යන්න අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් එරට ජාතික කෞතුකාගාරය සමඟ එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩේ ප්‍රකාශ කළේ මෙය ඉතිහාසයේ නින්දිත පරිච්ඡේදයක් පිළිබඳ වේදනාකාරි මතක් කිරීමක් බවයි.

කම්ලූප්ස් ඉන්දියානු නේවාසික පාසල 1890 වසරේදී රෝමානු කතෝලික පරිපාලනය යටතේ විවෘත කරන ලද අතර 1950 වසර වනවිට ඊට සිසුන් 500ක් පමණ ඇතුළත්ව සිටියා.

1969 වසරේදී මධ්‍යම රජය විසින් පාසලේ පරිපාලනය පවරා ගන්නා ලද අතර 1978දී එය වසා දමන තෙක් දේශීය සිසුන්ගේ වාසස්ථානයක් ලෙස ක්‍රියාත්මක විය.