හිඟුරක්ගොඩ ගිරිතලේ ජනපදය ප්‍රද්ශයේ වෙල්යායක් අසළදී කාන්තාවක් සිදුකළ ගිනි තැබීමකින් හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු අක්කර 75ක් පමණ ගින්නෙන් විනාශ වී තිබේ.
අස්වනු නෙලා අවසන් කළ කුඹුරු මෙලෙස ගිනි ගැනීමට ලක්වී තිබුණි.
ගින්නෙන් පොල් ගස් 60කට අධික ප්‍රමාණයක් හා කෙසෙල් ගස් 200කට අධික ප්‍රමාණයක්ද සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.
ගිනිතැබීම සිදුකළ කාන්තාව මින්නේරිය පොලිස් නිලධාරීන් විසින් ඊයේ (04) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.