Ada-Derana-1140-X-60-S 1200 add-02

කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් අවලංගුයි…

44
11453136468821839297
add-01
කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් පමණ සඳුදා (16) සිට අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ වියදම අඩුකිරීම සඳහා එම පියවර ගන්නා බවය.
එලෙස අවලංගු කෙරෙන දුම්රිය ගමන්වාර පහතින්,
ප්‍රධාන මාර්ගය -18
කැලණිවැලි මාර්ගය – 2
මුහුදුබඩ මාර්ගය – 8
පුත්තලම මාර්ගය – 2
මේ අතර, අද (13) අලුයම 5ට පමණ හබරන ගල්ඔය ප්‍රධාන දුම්රිය මාර්ගයේදී මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ පුලතිසි සීඝ්‍රගාමි දුම්රියේ ගැටි වනඅලියෙකු මියගොස් තිබේ.
වනඅලියා ගැටීම හේතුවෙන් දුම්රියේ එන්ජීම පිලීපැන තිබුණි.එසේම මෙම අනතුර නිසා නැගෙනහිර පළාතේ දුම්රිය ගමනාගමනය නැවතී තිබේ.

මෙම දුම්රියේ ගැටුණු වනඅලියා දුම්රිය මාර්ගයේ මීටර් 15ක් පමණ ඇදී ගොස් තිබුණි.