Ada-Derana-1140-X-60-S 1200 add-02

කොංගෝ රාජ්‍යයේ ගිනිකන්දක් ලක්ෂ පහකට පානීය ජලය අහිමි කරයි

228
11453136468821839297
add-01

කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයේ ගෝමා නගරයේ පිහිටි නිරා-ගොංගෝ ගිනිකන්ද විදාරණය වීමෙන් සිදුවූ හානියෙන් ලක්ෂ 5කට අධික ජනතාවකට පානීය ජලය නොමැති වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ගිනි කන්දෙන් පිටවන ලාවා හේතුවෙන් පසුගිය මැයි 22 වනදා සිට ගෝමා නගරයේ ගංඟා සහ නළ මාර්ග අවහිරව වී ඇති බවයි.

එමෙන්ම කොළරා වසංගත තත්වයක් ද එම ප්‍රදේශයෙන් වාර්තාවනවා. පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් තවමත් තම නිවෙස් වලට යාමට නොහැකිව අවතැන්ව සිටින අතර, ඔවුන්ට අවශ්‍ය හදිසි සහනාධාර ලබාදෙන ලෙසටයි ඉල්ලා ඇත්තේ.