වැළලී ගිය කොටි සංවිධානයට යළිත් පණදීමට ද්‍රවිඩ දේශපාලනඥයන් බලවත් ප‍්‍රයත්නයක් දරන බවට ලැබුණු තොරතුරු ඔස්සේ පොලිස් සහ හමුදා බුද්ධි අංශ කිහිපයක්ම යාපනයට යොදවා සිටින බව මහජන ආරක්ෂක ඇමැති විශ‍්‍රාමික රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘ ඊයේ කියා සිටියා.
මෙම තත්ත්වයේ සුලමුල සොයා ගැනීම සඳහාත් ආරක්ෂක අංශවලට උපදෙස් දීම සඳහාත් සරත් වීරසේකර මහතා ලබන සතියේ යාපනය බලා පිටත්ව යෑමට නියමිතයි.
පසුගිය යුද්ධයෙන් බේරුණු කොටි සාමාජිකයන් කීප දෙනෙකු උතුරේ ජනතාව සමඟ නිතර නිතර ගැවසෙන බව කී සරත් වීරසේකර ඇමැතිවරයා පසුගිය දින කීපයේ උතුරේ පැවැත්වෙන උද්ඝෝෂණ මුවාවෙන් කිසියම් දේශපාලනඥයකු කොටින්ට පාවාදීමට ප‍්‍රයත්නයන් දරන බවට තොරතුරු ලැබුණු බව ද කියා සිටියා.
කෙසේ වෙතත් මෙම දේශපාලනඥයාගේ අරමුණු කිසිසේත් ඉටුනොවන බව ද ඔහුගේ ක‍්‍රියාකලාපය පිළිබඳව බුද්ධි අංශ සෙවිල්ලන් සිටින බව ද හෙතෙම පසුගිය දා උතුරේ ජනතාව මෙම දේශපාලනඥයාගේ උපක‍්‍රමයට නොරැුවටෙන බව ද ඇමැතිවරයා සඳහන් කළා.