Ada-Derana-1140-X-60-S 1200 add-02

කොටි පොලිසියක් හැදූ යාපනය නගරාධිපති අත්අඩංගුවේ…

78
11453136468821839297
add-01

යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා යාපනය පොලිසිය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය නගර ආරක්ෂක බලකාය ලෙස නීති විරෝධී පොලිස් ඒකකයක් පිහිටුවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබේ.

නගර සභාවේ සේවකයන් පස්දෙනෙකු කොටි සමයේ භාවිතා කළ ඇඳුමට සමාන ඇඳුමකින් සරසා නගරය ආසන්න ප්‍රදේශවල රාජකාරි වලට යොදා ගැනීම හා ඒ තුළින් ත්රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනයට අනුබල දුන්නේයැයි ඔහුට චෝදනා එල්ල වී ඇත.