ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ 2 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ක්‍රෙග් බ්‍රැත්වේයිට් හට පවරා තිබෙනවා.
ඒ 2015 සිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුක්කානම අත දැරූ ජේසන් හෝල්ඩර් හට විරාමයක් ලබා දෙමින්.
බටහිර ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන 28 හැවිරිදි බ්‍රැත්වේයිට් මීට පෙර අවස්ථා 07 කදී වැඩ බලන නායකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.
මේ වසර මුලදී කොදෙව්වන් බංග්ලාදේශය තරඟ 2 ට 0 ලෙසින් පරාජය කර ලබා ගත් ජග්‍රහනයට ක්‍රෙග් බ්‍රැත්වේයිට් නායකත්වය දුන්නා.
නායකත්වයේ කටු ඔටුන්න අත්හරින 29 හැවිරිදි ජේසන් හෝල්ඩර් 2015 සිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවස්ථා 37කදී මෙහෙයවා ඇති අතර ඉන් අවස්ථා 11කදී ජයග්‍රහණ වාර්තා කර ඇත්තේ පරාජයන් 21ට මුහුණ දෙමින්.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර, පළමු ටෙස්ට් තරගය මාර්තු 21 වනදා නෝත් සවුන්ඩ්හිදී ආරම්භවනවා.
එම ක්‍රීඩාංගනයේදී කොදෙව් පිල සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද පැවැත්වීමට නියමිතයි.