Ada-Derana-1140-X-60-S 1200 add-02

කොරෝනා ආසාදිතයන් තම නිවසේම රදවන්නට තීරණය කරයි..

81
11453136468821839297
add-01

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් නිවෙස්වගම රඳවා තබා අධීක්‍ෂණය කිරීමේ ක්‍රියාවලිය එළඹෙන 17 වන සදුදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

පලමුව නියාමන වැඩපිළිවෙළක් ලෙස මෙය එදින සිට ආරම්භ කරන බව කොරෝනා රෝග පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

නිවසේ රැඳී සිටින ආසාදිතයන්ට සංකූලතා මතු වුවහොත් ඔවුන් රෝහල් වෙත යොමු කිරීමට තීරණය කර ඇතැයි ද ඇය සඳහන් කළාය.

දැනට කොරෝනා ආසාදිතව රෝහල් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා ඇතුළත් කර සිටින පිරිස් ඇතැම් පිරිස් රෝග ලක්ෂණ නොපෙන්වන නිසා රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතයන්ට රෝහල් පහසුකම් ලබා දීම සඳහා මෙම පියවර ගෙන තිබේ.