Ada-Derana-1140-X-60-S 1200 add-02

කොරෝනා ආසාදිතයෙක් බාලවයස්කාරියක් දුෂණය කරයි..

242
11453136468821839297
add-01

අළුත්ගම ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් පොලීසියට කට්ටි පනිමින් සිටි සැකකරු නීතීඥයෙකු මාර්ගයෙන් අළුත්ගම පොලීසියට බාර වීමට පැමිණීමෙන් පසු කොවිඩ් – 19 ආසාධිතයෙක් බව හදුනාගෙන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කල බව අළුත්ගම පොලීසිය කියයි.

සැකකරු පොලීසියට රැගෙන ආ අළුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ නිතීඥවරිය හා ඔහුගේ පවුලේ අය බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී මගින් නිරෝධායනයට ලක් කිරීමටද පොලීසිය කටයුතු කර තිබේ.

මෙසේ බේරුවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇත්තේ ගණේගම, අළුත්ගම අයකි.

අපයෝජනයට ලක්ව ඇත්තේ අළුත්ගම, ගණේගම ප්‍රදේශයේ 10 හැවිරිදි දැරියකි.

සිය දියණිය සැකකරු විසින් අපයෝජනයට ලක්කරන අයුරු තමා සියසින්ම දුටු බව දැරියගේ මව අළුත්ගම පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන් වේ.