කොරෝනා මර්ධන රාජකාරිවල යෙදී සිටින සියලුම සෞඛ්‍ය සේවකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සදහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඉදිරිපත් නොකරන්නේ නම් හෙට දිනයේ සිට කොරෝනා මර්දන රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
සංගමය සභාපති උපුල් රෝහණ මහතා සමග පවසන්නේ මෙම වර්ජනය සදහා පරිපූරක වෛද්‍ය සේවය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 18ක් එකඟ වී සිටින බවයි.
අවස්ථා කිහිපයක දී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ මේ දක්වා බලධාරීන් ඊට ප්‍රතිචාර දක්වා නැති බවද සභාපතිවරයා සඳහන් කළේය.