ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 8000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ තවත් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 8157ක් වනවා.
එමෙන්ම කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දෛනිකව තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව අද වාර්තා කළ මරණ 209 ලෙසටයි සැලකෙන්නේ.
මීට පෙර එක් දිනකදී තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව වූයේ 198ක්.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) තහවුරු කර අද (26)වාර්තා කළ මරණ අතරට කාන්තාවන් 101ක් සහ පිරිමි පුද්ගලයන් 108ක් වනවා.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 31ක් සහ කාන්තාවන් 15ක් මේ අතර වනවා.
අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 163ක් වාර්තා වී ඇති අතර ඒ පිරිමි පුද්ගලයන් 77ක් සහ කාන්තාවන් 86ක් වශයෙන්.