Ada-Derana-1140-X-60-S 1200 add-02

කොරෝනා වැළඳී මියගිය පාකිස්ථාන වෛද්‍යවරුන් සංඛ්‍යාව 200 දක්වා ඉහළට

184
11453136468821839297
add-01

ගතවූ පැය විසි හතර තුළද ලොව වැඩිම දෛනික ආසාදිතයන් සහ මරණ ඉන්දියාවෙන් වාර්තාවී තිබෙනවා.

ආසාදිතයන් තුන්ලක්ෂ 10,822ක් අලුතින් හඳුනාගැනීමත් සමඟ එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි හතළිස් හයලක්ෂ අසූ තුන්දහස් හැට පහ දක්වා ඉහළ ගියා.

නව මරණ 4,090ක් ගතවූ පැය විසි හතර තුළ වාර්තාවීමත් සමඟ එරට මේ දක්වා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්ෂ 70,319ක්.

මේ අතර, පාකිස්ථානයේ කොරෝනා ආසාදිතව වෛද්‍යවරුන් 200 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

එරට වෛද්‍ය සංගමය නිවේදනය කළේ කොරෝනා වසංගය ආරම්භ වූ දා සිට මේ දක්වා එම මරණ වාර්තාවී ඇති බවයි. වැඩිම වෛද්‍ය මරණ සංඛ්‍යාවක් එනම්, 73  දෙනෙකු වාර්තාවී ඇත්තේ පන්ජාබ් ප්‍රාන්තයෙන්.

ප්‍රංශයේ කොරෝනා එන්නත්කරණයට ලක්කළ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 20 ඉක්මවා තිබෙනවා. එය, එරට ජනගහනයෙන් සියයට 30 ක ප්‍රමාණයක්.

ආසාදිතයන් වාර්තාවීම අඩු වීම සැලකිල්ලට ගනිමින් ලබන මස  9 වන දා සිට එරට අවන්හල් යළි  සම්පූර්ණයෙන් විවෘත කිරීමට ද ප්‍රංශ රජය සූදානම් වනවා.

එමෙන්ම, කාශ්මීරයේ ශ්‍රී නගර් හි කොරෝනා ප්‍රතිශක්තිකරණ එකදු එන්නතක් හෝ නොමැති තත්වයක් පවතින බව වාර්තාවනවා.

මේ දක්වා කාශ්මීරයේ දිස්ත්‍රික්ක 10න් එන්නත් ලබාදී ඇත්තේ පුද්ගලයින් 504 දෙනෙකුට පමණක් බවයි ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදි විවේචනය කරමින් පෝස්ටර් ඇලවූ 12 දෙනෙකු දිල්ලි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය වාර්තා සඳහන් කළේ තම දරුවන්ට තිබූ එන්නත් මෝදි විසින් විදෙස් රටවලට ලබාදුන් බවට චෝදනා කෙරෙන පාඨ සඳහන්  පෝස්ටර් තොගයක් පොලීසිය භාරයට ගෙන ඇති බවයි.