Ada-Derana-1140-X-60-S 1200 add-02

කොවිඩ් ආසාදිතයින්ගේ එකතුව යාවත්කාලීන කෙරේ

242
11453136468821839297
add-01

මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (04)  456,000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් පසුගිය 28 වනදා සිට 31 වනදා දක්වා කාලය තුළ තවත් ආසාදිතයින් පිරිසක් තහවුරු කර ගැනීමත් සමගය.

ඒ අනුව, එම දින තුළ දී පුද්ගලයින් 4725 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

පසුගිය 28 වනදා පුද්ගලයින් 1207 දෙනෙකු, 29 වනදා පුද්ගලයින් 1211 දෙනෙකු, 30 වනදා පුද්ගලයින් 1198 දෙනෙකු සහ 31 වනදා පුද්ගලයින් 1109 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 456,126 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.