එළඹෙන උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමට රජය ප්‍රතිපත්තිමය තීරණ නොගතහොත් මැයි මාසය අග සහ ජුනි මාසය වනවිට තුන්වන කොවිඩ් රැල්ලක් රටතුළ ඇතිවීමේ දැඩි අවදානම් තත්වයක් උද්ගතවනු ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවනවා.
එසේ වුවහොත් රට දැඩි ව්‍යසනයකට මුහුණ දෙන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඊයේ හලාවත පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
පවතින තත්වය සම්බන්ධයෙන් රජය සහ ජනතව නිසි අවධානයක් යොමුකර ඇති බවක් දක්නට නොමැති බවද ඔහු පෙන්වා දුන්නා.