නව කොවිඩ් ප්‍රභේදවලට එරෙහි සාර්ථක ප්‍රතිචාර දක්වන ප්‍රතිදේහ වර්ගයක් ලාමා සත්වයින්ගේ සිරුරේ තිබී හමුවූ බව බෙල්ජියමේ පර්යේෂණායතනයක් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිදේහ තුළ සාමාන්‍ය කොවිඩ් එන්නත්වලටත් වඩා ඉහළ සාර්ථකත්වයක් ඇති බවය.
ලාමා සත්ත්වයින් බහුලවම දක්නට ලැබෙන්නේ දකුණු අමෙරිකානු කලාපයේ රටවලය.
එම සත්ත්වයින්ගේ සිරුරේ ස්වභාවිකව නිෂ්පාදනය වන වින්ටර් නම් ප්‍රතිදේහය, කොවිඩ් වෛරසයට එරෙහිව මර්දනකාරී ප්‍රතිචාර දක්වන බව අනාවරණය කරගෙන ඇත්තේ බෙල්ජියමේ පර්යේෂණ ආයතනයකි.
බෙල්ජියමේ සත්වෝද්‍යානයක වෙසෙන “වින්ටර්” නම් ලාමා සතාගෙන් ලබාගත් ප්‍රතිදේහ අදාළ පරීක්ෂණ සඳහා යොදාගත් බව විද්‍යාඥ පිරිස පැවසූහ.
ඔවුන් පවසන්නේ මෙම ප්‍රතිදේහ තුළ සාමාන්‍ය කොවිඩ් එන්නත්වලට ත් වඩා ඉහළ සාර්ථකත්වයක් ඇති බවය.
එමෙන්ම නව කොවිඩ් ප්‍රභේද නිශ්ක්‍රීය කිරීමේ හැකියාව ද මෙම ප්‍රතිදේහ සතුව ඇති බව පර්යේෂකයන් පැවසීය.
මෙම ප්‍රතිදේහය, ස්වේඡාවෙන් ඉදිරිපත් වූ නිරෝගී පිරිසක් සහ කොවිඩ් ආසාදිතයින් යොදාගෙන අත්හදාබලා තිබුණි.
එහිදී හදුනාගෙන ඇත්තේ ඒ මගින් රෝගී නිරෝගී දෙපිරිසටම ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා ඇති බවය.
මීට පෙරද සාර්ස් සහ මර්ස් යන කොරෝනා වෛරසවලට එරෙහිව වින්ටර් ප්‍රතිදේහය අත්හදාබලා ඇති බවද මේ වාර්තා අතර වැඩිදුරටත් දැක්වුණි.