Ada-Derana-1140-X-60-S 1200 add-02

කොවිෂීල්ඩ් එන්නතේ කාර්යක්ෂමතාව ගැන විශේෂ පර්යේෂණයක්

86
11453136468821839297
add-01

කොරෝනා වෛරසයට එරෙහිව මෙරටතුල භාවිතයට ගැනෙන කොවිෂීල්ඩ් එන්නතේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනුක ජීව විද්‍යා හා සෛල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කලේ දැනට සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව එන්නත ගන්නා පුද්ගලයන් තුල කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ හොඳින් ගොඩනැගෙන බව හඳුනාගෙන ඇති බවයි.

කොවිෂීල්ඩ් එන්නතේ අතුරු ආබාධ සම්බන්ධයෙන් පැතිර යන අසත්‍යය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියා.