Ada-Derana-1140-X-60-S 1200 add-02

කොළඹ ඇවිද්දාට තරුණියන් 4 දෙනෙකුට දඩයක් ගෙවැන්නැයි නියෝග

100
11453136468821839297
add-01

 

රාත්‍රී කාලයේ කොළඹ නගරයේ ඇවිදිමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණියන් සිව් දෙනෙකුට රුපියල් 50 බැගින් දඩ මුදල් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද 12 නියෝග කළා.

කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මොවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ පාදඩ ආඥා පනත යටතේ චෝදනා ගොනු කරමින්. රුපියල් 200 ක් දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව තරුණියන් සිව් දෙනා නිදහස් කෙරුණා.