තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා සඳහන් කළේ,
ඒ අනුව පිළියන්දල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය යන ග්‍රාම නිලධාරි වසම් මේ මොහොතේ සිට හුදකලා කරන බවය. එමෙන්ම අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කෙරේ.
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර යන ග්‍රාම නිලධාරි වසම ද මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. එමෙන්ම කලවාන ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කර තිබේ.