Ada-Derana-1140-X-60-S 1200 add-02

කොළඹ සටන උණුසුම් වෙයි

31
11453136468821839297
add-01
පළාත් පාලන මැතිවරණය සඳහා බලයලත් නියෝජිතයින් පත්කිරීම අද (15) දිනය තුළ අවසන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂ වෙත දැනුම් දී තිබේ.
අදාළ පත්කිරීම් තේරීම්භාර නිලධාරීන් වෙත යොමුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේය.
මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ 20ක් පමණ මේ වන විටත් ඇප මුදල් තැන්පත් කර ඇත.
ඇතැම් පක්ෂ බොහෝ දිස්ත්‍රික්කවල සියලුම පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ.
මේ අතර කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා සමගි බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒ පිළිබඳව ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වේ.