Ada-Derana-1140-X-60-S 1200 add-02

ගල්ලේ දී බස්නාහිර යාළුවන්ට එන්නත් දුන් සෞඛ්‍ය ලොක්කන් දෙදෙනා ම මාරු කරයි….! සෙසු පිරිසටත් දැඩි විනය ක්‍රියා මාර්ග…..!

85
11453136468821839297
add-01

නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න සහ ගාල්ල ප්‍රාදේශීය වසංගත රෝග අංශ ප්‍රධානී වෙනුර කුමාර සිංහාරච්චි වහා ම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් මාරු කර යවා තිබේ.

ජීවරත්න සෞඛ්‍ය අමාත්‍යාංශයටත් සිංහාරච්චි දකුණු පළාතේ වෙනත් අංශයකටත් මාරු කර යවනු ලැබූ බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මූලික විමර්ශන පැවැත්වීමෙන් පසු ඉදිරිපත් කළ නිර්දේශ අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බව කී ඇමැති ජයසුමන දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක්ද ඉදිරියේ දී පවත්වන බව සඳහන් කළේය.

නිරෝධායන නීති කඩ කරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධියට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පාර්ලිමේන්තුවේ දී ඊයේ (8) ප්‍රකාශ කළේය.