Ada-Derana-1140-X-60-S 1200 add-02

ගාසා තීරයේ ගුවන් ප්‍රහාරවලින් විසි දෙනෙකු මරුට

178
11453136468821839297
add-01

ඊශ්‍රායලය, පලස්තීන ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊශ්‍රායල ප්‍රහාරය දියත් කෙරුණේ හමාස් සංවිධානය ජෙරුසෙලම ඇතුළු ඊශ්‍රායල ඉලක්ක වෙත රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුවයි.

ජෙරුසෙලමේ අල්අක්සා ඉස්ලාමීය දේවස්ථානය කේන්ද්‍ර කොටගෙන ඊයේ නැවතත් ගැටුම් වාර්තා වුණා.

ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයේදී මියගිය විසි දෙනා අතර ළමයින් 09 දෙනෙකුද සිටින බව සඳහන්.

තවත් 65 දෙනෙකු මෙහිදී තුවාල ලබා තිබෙනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ගාසා තීරයේ යුදමය ඉලක්කය වෙත මෙලෙස ප්‍රහාර එල්ල කළ බවයි.

හමාස් සන්නද්ධ නායකයෙකු වන මොහොමඩ් ෆයාඩ්ද මෙහිදී මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඊශ්‍රායලයේ සහ පලස්තීන ප්‍රදේශවල ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද ඊයේ හදිසි සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.