
මෙරට ගෑස් මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුව පවසනවා. පාරිභෝගික කටයුතු අධිකාරීය කියා සිටියේ ගෑස් මිල වැඩි කිරීම සඳහා ආණ්ඩුවෙන් අදාල සමාගම් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර ඇති බවයි. එහෙත් මේ දක්වා මිල වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි පාරිභෝගික කටයුතු අධිකාරීයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ.
එහෙත් ගෑස් සමාගම් පවසන්නේ අලාභයක් නොමැතිව සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට නම් කිලෝ ග්‍රෑම් 12 දශම 05, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 350කින් ඉහල දැමිය යුතු බවයි. දිගින් දිගටම ලෝක වෙළදපොලේ ගෑස් මිල ගණන් ඉහල යාම හේතුවෙන් මෙරට ගෑස් මිලද ඉහල දැමිය යුතු බවයි ගෑස් සමාගම් කියා සිටියේ.
ඒ අනුව ලෝක වෙළදපොළේ ගෑස් මිල ගණන් වැඩි වීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරීයෙන් විමසීමක් කළා එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ සමාන්‍යයෙන් මාර්තු සහ අප්‍රේල් යනු ලෝක වෙළදපොළේ ගෑස් මිල ගණන් වැඩිවන කාලයක් බවයි. එහෙත් ඉන් පසුව මිල අඩුවන බවයි ඔහු සඳහන් කළේ. එබැවින් ලෝක වෙළදපොළේ ගෑස් මිල ගණන් වැඩි වූ පමණින් මෙරට තුළද ගෑස් මිල වැඩි කළ යුතු නැති බව පාරිභෝගික කටයුතු අධිකාරීයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගෑස් මිල වැඩි කිරීමට ඇති අවධානම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.