කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමට ලක්ව විනාශයට පත්වූ නෞකාවේ ගිලී යාම ආරම්භ වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.
එම නෞකාවේ පසුපස කොටසේ සිදුව ඇති ජල කාන්දුවක් හේතුවෙන් මෙම ගිලී යාම ආරම්භ වී ඇත.
මේ හේතුවෙන් නෞකාවේ ඇති තෙල් මුහුදු ජලයට මුසු වීමක් සිදු වීමට ඉඩ ඇති බවත් එසේ වුවහොත් දික්ඕවිට සිට මීගමුව දක්වා ප්‍රදේශය දක්වා විශාල තෙල් පැල්ලමක් විහිදෙනු ඇතැයි ඔවුන් අනුමාන කරයි.
කෙසේ වෙතත් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමට කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණ ද නෞකාව ගිලිමින් පවතින නිසා එම කටයුතු අසීරු වෙමින් ඇතැයි ද වාර්තා වෙයි.