චීනයේ ජනගහන වර්ධනය දශක ගණනාවකින් අවම මට්ටමකට පැමිණ තිබෙනවා.
චීනයේ නවතම ජනසංගණන ප්‍රතිඵල දැන් නිකුත් වී ඇති අතර ඒ අනුව, එරට ජනගහනය කෝටි 141 කට අධිකයි.
ඒ අනුව, 2010 වසරේ අවසන් ජන සංගණනයේ සිට චීනයේ ජනගහනය වර්ධනය වී ඇත්තේ සියයට 5 යි දශම 4 කින්.
එය 1960 දශකයෙන් පසුව එරට අඩුම ජනගහන වර්ධනයයි.
ජනගහනය පාලනය කිරිම සඳහා එක් පවුලකට එක් දරුවෙක් යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ කොමියුනිස්ටි චීනය, 2016 වසරේදි එම ප්‍රතිපත්තිය වෙනස් කළේ ඒ එරට ශ්‍රම බලකාය ක්ෂීන විම සහ වයස්ගත ජනගහනය ඉහළ යාම හේතුවෙන්.
එහෙත් එමගින් අපේක්ෂිත ප්‍රතිඵල මෙතෙක් ලැබි නොමැති බව සඳහන්.