චීනයේ තරුණ යුවළ බහුතරයක් එක් දරුවෙකුට වඩා උපත ලබාදීමට අකමැති බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
අදාළ සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ දරුවන් ඇතිදැඩි කිරීම සඳහා පවුලේ සහය ලබාගැනීමට ඇති අසීරුතාවන් හේතුවෙන් දෙවන දරුවෙකු බිහි කිරීමට එරට තරුණ මාපියන් අකමැත්තෙන් පසුවන බවයි.
එමෙන්ම ජීවන වියදම ඉහළ යාම මෙන්ම අධික ලෙස කාර්ය බහුල ජීවන රටාවද ඊට හේතුවී ඇති බව සඳහන්.
ජනගහණය පාලනය කිරීම සඳහා 1980 දී චීනය එක්දරු ප්‍රතිපත්තිය හඳුන්වාදුන් අතර, 2016 දී එය සංශෝධනය කර දරුවන් දෙදෙනෙකු බිහි කිරීමට අවසර ලබාදුන්නා.
කෙසේ වෙතත් පසුගියදා යළිත් එම ප්‍රතිපත්තිය සංශෝධනය කරමින් දරුවන් තුන්දෙනෙකු බිහිකිරීමටයි චීන රජය අවසර ලබාදුන්නා.