චීන රජය අඹු සැමි යුවළකට දරුවන් තුන් දෙනෙකුට උපත ලබාදීම සඳහා අවසර ලබාදී තිබෙනවා.
ඒ, දරුවන් දෙදෙනෙකු පමණක් බිහි කිරීම සඳහා පැවති දැඩි නීතිමය ප්‍රතිපත්තිය අවසන් කරමින්.
ෂිංහුවා පුවත් සේවය වාර්තා කළේ ජනාධිපති ෂී – ජින්පින් විසින් දේශපාලන මණ්ඩල රැස්වීමකදී අදාළ ද්විත්ව දරු උපත් ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අවසර ලබාදුන් බවයි.
චීනයේ ජනගහනය පාලනය කිරීම සඳහා පැවති එක් දරු ප්‍රතිපත්තිය අවසන් කරමින් දරුවන් දෙදෙනෙකුට උපත ලබාදීම සඳහා අවසර ලබාදුන්නේ 2016 වසරේදීයි.