Ada-Derana-1140-X-60-S 1200 add-02

චීනයේ භූකම්පනයක්

210
11453136468821839297
add-01

වයඹ දිග චීනයේ ටිබෙට් සානුව ආසන්නයේ පිහිටි චින්හායි ප්‍රාන්තයේ රික්ටර් පරිමාණයේ 7. 4 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ජනාකීර්ණ නොවූ එම ප්‍රදේශයෙන් භූ කම්පනය නිසා ජීවිත හානි සිදුවූ බවට මෙතෙක් වාර්තා වී නැහැ.

එහෙත්, ෂින්හුවා ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ භූ කම්පනයේ කේන්ද්‍රය පිහිටි මඩුවෝ ප්‍රදේශයේ නිවාසවලට හානි සිදුව ඇති බවයි.

මෙම භූ කම්පනය වාර්තා වූයේ නිරිත දිග චීනයේ යුනාන් ප්‍රාන්තයේ රික්ටර් පරිමාණයේ 6. 1 ක භූ කම්පනයක් සිදු වී පැය කිහිපයකින් අනතුරුවයි.

සංචාරක ආකර්ශනීය ප්‍රදේශයක් වූ ඩාලි නගරය ආසන්නයේ මෙම භූ කම්පනය සිදුව ඇති අතර, එහි අතුරු කම්පන කිහිපයක්ද වාර්තා වුණා.

එහි කඳුකර ප්‍රදේශයක පුද්ගලයින් දෙදෙනෙකු භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් විසි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම, පුද්ගලයින් 20,000 ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කරගෙන ඇති බව සඳහන්.