චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගම මගින් නිෂ්පාදිත කොරෝනා එන්නත ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුක්ත බව ඉන්දුනීසියාවේ එන්නත්කරණයෙන් තහවුරු වී තිබෙනවා.
ජකර්තා අගනුවර සෞඛ්‍ය සේවකයන් 25,374 දෙනෙකුට සිනොවැක් එන්නත ලබාදී ඇති අතර, එමගින් ඔවුන් කොරෝනා ආසාදනයෙන් මියයාම සියයට සියයකින් වළක්වා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
එමෙන්ම, එන්නත ලබාදී දින 7 කට පසු ඔවුන් රෝහල් ගත කිරීමේ අවශ්‍යතාව ද සියයට 96 කින් වළක්වා තිබෙනවා.
කෙසේ නමුත්, චීනයේ – බීජිං නුවර සිනොවැක් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්දුනීසියානු ප්‍රතිඵල තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවයි