චීන සමාගම්වල ආයෝජන වළක්වාලන ජනපති ට්‍රම්ප්ගේ සම්බාධක තවදුරටත් දීර්ඝ කිරීමට ජනපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා.
එමෙන්ම එලෙස සම්බාධක පැනවෙන චීන සමාගම් සංඛ්‍යාව ද 59 දක්වා ඉහළ නැංවීමටයි බයිඩ්න් පරිපාලනය තීරණය කර ඇත්තේ.
ලබන අගෝස්තු දෙවැනිදා සිට ක්‍රියාත්මක එම සම්බාධක යටතේ හුවාවි ඇතුළු චීන සමාගම්වල ආයෝජනය කිරීම අමෙරිකානුවන්ට තහනම් වනවා.
2019 වසරේ එලෙස මුල්වරට පැනවුණු තහනමෙන් චීන ජංගම දුරකථන නිෂ්පාදකයාගේ ව්‍යාපාර කටයුතුවලට එල්ල වූයේ දැවැන්ත පහරක්.
චීනය ප්‍රකාශ කළේ අමෙරිකාවේ නව සම්බාධකවලට නිසි ප්‍රතිචාර දක්වන බවයි.