Ada-Derana-1140-X-60-S 1200 add-02

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසියක් ලබන 27 වන දා

204
11453136468821839297
add-01

ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසියක් ලබන 27 වන දා පැවැත්වීමට නියමිතයි.

පාකිස්ථානය කළ ඉල්ලීමක් සැලකිල්ලට  ගෙන මෙම විශේෂ සැසිවාරය කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් මෙවැනි සැසිවාරයක් කැඳවීම සම්බන්ධයෙන් සාමාජික රටවල්  47 කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද යන්න මෙතෙක් වාර්තාවී නොමැති අතර, අවම වශයෙන් සාමාජික රටවල් සංඛ්‍යාවෙන් තුනෙන් එකක අනුමැතියක් මෙවැනි සැසිවාරයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වනවා.