Ada-Derana-1140-X-60-S 1200 add-02

ජනතාවගේ හැසිරීම හොඳයි….! කට වහ ගත්තොත් රට රැකගන්න පුළුවන්….! – හමුදාපති….

253
11453136468821839297
add-01

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන කාලයේ දී ජනතාවගේ හැසිරීම සතුටුදායක බවත් ඒ ගැන ජනතාවට ස්තූතිවන්ත වන බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ජනතාව අඟල් හයේ මුව ආවරණයෙන් කට නහය ආරක්ෂා කරගත හොත් දිවයිනේ වර්ග කිලෝමීටර් හැට පන් දහස ආරක්ෂා කර ගැනීම දුෂ්කර නැතැයි ද හමුදාපතිවරයා සඳහන් කළේය.

වයස 30ට වැඩි ජනගහනයෙන් සියයට 55කට කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ (24) වන විට ලබා දී ඇති බව පැවසූ යුද හමුදාපතිවරයා එය වැදගත් සන්ධිස්ථානයක් බවද පැවසුවේය.

රටේ ජනගහනයෙන් එක්කෝටි විසි ලක්ෂයකට පමණ එන්නතේ දෙවැනි මාත්‍රාවද ලක්ෂ 58කට දෙවැනි මාත්‍රාව ද ලබා දී ඇති බවත් එන්නත් මාත්‍රා දෙකෝටියකට වැඩි සංඛ්‍යාවක් මෙරටට මේ දක්වා ගෙනවිත් ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.