හිටපු අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භාවනායෝගීව සිටින ආකාරයේ පිළිරුවක් චීනයේ ගෘහ භාණ්ඩ නිෂපාදකයකු විසින් අලෙවියට ඉදිරිපත් කර තිබෙනවා.
මහායාන චීවරය කින් සැරසී සිටින දොමල්ඩ් ට්‍රම්ප් රුව ප්‍රමාණ කිහිපයකින් ඉදිරිපත් කර ඇති අතර මෙය අලිබාබා වෙබ් අඩවියට සම්බන්ධ තාඕ-බාඕ මගින් අලෙවියට ඉදිරිපත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සෙන්ටිමීටර 16ක උසකින් යුත් පිළිරුව සඳහා චීන යුවාන් 999 (£ 110 GBP / $ 150 USD) ක් මිල කර ඇත. එසේම සෙන්ටිමීටර 46 ක උසකින් යුත් විශාල පිළිරුව සඳහා යුවාන් 3,999 කට (£ 440 / $ 610) ලබා ගත හැකි වනවා.
මේවන විට ප්‍රතිමා රැසක්ම අලෙවි වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් පාලන කාලය තුල දැඩි ආවේගශීලිව කටයුතු කළ ජනපති ට්‍රම්ප් එවැනි ප්‍රතිමාවකට යොදාගැනීම සම්බන්ධයෙන් ඇතැමුන් නොසතුට පළකර තිබෙනවා.