Ada-Derana-1140-X-60-S 1200 add-02

ජනාධිපති ඇමරිකා ගොස් ඇත්තේ රටේ වගකීම බැසිල්ට පවරලා..

249
11453136468821839297
add-01

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා රට තුළ නැති මොහොතේ මුදල් ඇමතිට එහි වගකීම භාර දී ඇතැයි වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

ජනාධිපතිතුමා විදේශගත වීමට පෙර මුදල් ඇමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට වගකීම් පවරා ගෙන ගිය බවද ඔහු පැවසීය.

එනිසා මුදල් අමාත්‍යවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය විසින් රටේ පාලනය සිදුකරන බවද ඔහු කියා සිටියේය.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමැතීම සඳහා ඇමරිකානු සංචාරයක නිරතව සිටින අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යුරෝපා සංචාරයක යෙදී සිටී.