Ada-Derana-1140-X-60-S 1200 add-02

ජල බිලට සහනයක්

95
11453136468821839297
add-01

මහජනතාවට ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කොට තිබෙනවා.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි පාරිභෝගිකයන් සඳහා එම සහනය ලබා දෙන බවත් මාසයක පමණ සහන කාලයක් එලෙස ලබාදීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළා.

“සංචරණ සීමා ඉවර වුණාම සුදුසු කාලයක් දෙනවා. මාසයක් වගේ. මීටර් කියවන්නත් අපහසුතාවයක් තියෙනවා.” යනුවෙන් පවසා තිබෙනවා.