Ada-Derana-1140-X-60-S 1200 add-02

ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරයි

213
11453136468821839297
add-01

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඇතුළුව ජේ්‍යෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු නව ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ, මෙම නව ගිවිසුමේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතන සමගින් තවමත් එකගතාවයකට පැමිණීමට ක්‍රීඩකයින් අපොහොසක් වීම හේතුවෙන්.

පසුගිය ජනවාරි මාසයේ සිට වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමක් නොමැතිව ක්‍රිකට් තරඟාවලි සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම, බංග්ලාදේශ තරඟ සංචාරය සඳහාත් නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් නොකර හෙට දිවයිනෙන් පිටත්ව යනු ඇති.

දක්ෂතා පදනම් කර ගනිමින් නව ජාතික ක්‍රි්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුමක් සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව පසුගියදා පියවර ගත් අතර ඒ අනුව වැඩිම මුදලක් හිමිවන ක්‍රිඩකයින් වන්නේ නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වායි.

ඔවුන් ඇමරිකානු ඩොලර් ලක්ෂය බැගින් වාර්ෂික වැටුපක් ලැබෙන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 196ක්

පසුගිය වසරවලදී කොන්ත්‍රාත්තුව ලබාදීමේදී ප්‍රමුඛතා ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි දිමුත් කරුණාරත්නට, ඇන්ජලෝ මැතිව්ස්ට, සුංරග ලක්මාල්ට සහ දිනේෂ් චන්දිමාල්ට නව කොන්ත්‍රාත් ගිවිසුම මඟින් පසුගිය වසරට සාපේක්ෂව සියයට 50කට ආසන්න ප්‍රතිශතයකින් මුදල් කප්පාදු කර තිබෙනවා.