තුන්වන කොරෝනා රැල්ලට මුහුණදෙන මැලේසියාව නැවතත් වසා දැමීමට එරට බලධාරින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව, රට තුල සංචරණ සීමාවන් හෙට සිට ක්‍රියාත්මක වන බවයි අග්‍රාමාත්‍ය මුහයිද්දීන් යාසිම් ප්‍රකාශ කළේ.
මැලේසියාවේ – රාමසාන් සැමරුම් මේ සතිය අගදී පැවැත්වෙන අතර, එහිදී නිවෙස් වෙත යාම තහනම් වන බවයි මැලේසියානු රජය ප්‍රකාශ කළේ.
අවන්හල්වල ආහාර ගැනීම තහනම් වන අතර, දහසක ධාරිතාවකින් යුත් දේවස්ථානයකට ඇතුළු විය හැකි සංඛ්‍යාව 50 දෙනෙකුට සීමා වනවා.
මැලේසියාවේ තුන්වන කොරෝනා රැල්ල හේතුවෙන් දෛනික ආසාදිතයින් සංඛ්‍යාව හාර දහසට ලං වී ඇති අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව ද 1700 දක්වා ඉහළ ගොස් තිබෙනවා.