Ada-Derana-1140-X-60-S 1200 add-02

ඥානසාර හිමිගේ සත්‍යග්‍රහය අතරේ පාකිස්ථාන ධජ සහිතව පිරිසක් පැමිණෙයි

227
11453136468821839297
add-01

යුක්තිය උදෙසා යතිවර පාරමිතාව නමින් මහා සංඝරත්නයේ සත්‍යග්‍රහය පැවැත්වෙන අතරවාරයේ පාකිස්ථාන ධජ සහිතව පිරිසක් නිදහස් චතුරශ්‍රය අසළට අද පැමිණ සිටියා.

පැමිණ සිටි පිරිස පවසා ඇත්තේ, පකිස්ථාන තානාපති කාර්යාලයේ සැමරුම් උත්සවයක් සඳහා නිදහස් චතුරශ්‍රය අසළට පැමිණි බව බවයි.

එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු දුරකතනයෙන් කිසියම් අයෙකු සම්බන්ධ කර දීමෙන් පසු පැමිණි පිරිස පිටව ගියා.

මෙහි DP අකුරු සඳහන් මෝටර් රථය හා මෙම සිදුවීම සම්බන්ධයෙන් අප පකිස්ථාන තානාපති කාර්යාලයෙන් විමසීමක් කළා.

ඊට මෙතක් ප්‍රතිචාරයක් ලැබී නොමැත.