Ada-Derana-1140-X-60-S 1200 add-02

ටාසන් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

217
11453136468821839297
add-01

සුප්‍රකට ටාසන් චරිතයට පණ පෙවූ ජෝ ලාරා අමෙරිකාවේ නෂ්විල් නගරයට ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය යනවිට ඔහු 58 හැවිරිදි වියේ පසුවූ බවයි.

මෙම ගුවන් අනතුරෙන් ජෝ ලාරා ඇතුළු 07 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තාකර තිබුණේ.

මියගිය පිරිස අතර ඔහුගේ බිරිඳ ද සිටින බවයි වාර්තා වන්නේ.

ලාරා 1989 වසරේදී ටාසන් ඉන් මෑන්හැටන් චිත්‍රපටයේ පළමු වරට ටාසන්ගේ චරිතයට රංගනයෙන් දායක වී ඇති අතර පසුව 1996 වසරේදී ටාසන් ද එපික් ඇඩ්වෙන්චර්ස් නම් කතා මාලාවට රංගනයෙන් දායක වී තිබෙනවා.