Ada-Derana-1140-X-60-S 1200 add-02

ඩෙල්ටා, එංගලන්තයේ ප්‍රධාන කොරෝනා ප්‍රභේදය වෙයි

210
11453136468821839297
add-01

ඉන්දියාවෙන් පළමුව සොයා ගැණුනු ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මේ වනවිට බ්‍රිතාන්‍යයේ වඩාත්ම පැතිරුණු කොරෝනා වෛරස් ප්‍රභේදය බවට පත්ව ඇතැයි එරට සෞඛ්‍ය බලධාරින් පවසනවා.

මේ නිසා ආසාදිතයන් රෝහල් ගත කිරීම ඉහළ යා හැකි බවයි එරට විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

මේ නිසා වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමේ ක්‍රියාමාර්ග දැඩි කළ යුතු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ආයතනයේ ප්‍රධාන විධායිකා ජෙනී හැරිස් ප්‍රකාශ කළා.

එමෙන්ම, ඉන්දියාවේ දෙවන කොරෝනා රැල්ලට හේතු වූ බී / 1 / 617 / 2 ලෙස නම් කෙරුණු ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ද සොයා ගෙන තිබෙනවා.

මෙල්බර්න් නුවර කේන්ද්‍ර කොටගෙන ව්‍යාප්ත වන කොරෝනා රැල්ලේදී ඩෙල්ටා ප්‍රභේදය සොයා ගැණුනු ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ අතර, මියුකොමයිකොසිස් හෙවත් කළු දිලීර රෝගය ආසාදනයෙන් නේපාලයේ ප්‍රථම මරණය වාර්තා වී තිබෙනවා.

මෙම කළු දිලීර රෝගය ඉන්දියාවේ කොරෝනා ආසාදිත පුද්ගලයන් දහස් ගණනකට වැළදී ඇති බව සඳහන්.

මේ අතර, ඉන්දියාවේ චෙන්නායි නුවර – ව්ලැන්ඩරූල් සත්වෝද්‍යානයේ සිංහයන් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති අතර, එක් සිංහ ධේනුවක් කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.