Ada-Derana-1140-X-60-S 1200 add-02

ඩෙල්ටා හමුවේ අමෙරිකාවෙත් ඔක්සිජන් හිඟයක්

396
11453136468821839297
add-01

ඩෙල්ටා ව්‍යාප්තිය හමුවේ අමෙරිකාවේ ඔක්සිජන් හිඟයක් මතුවී තිබේ.

එරට මරණ ඉහළ යෑමත් සමග මෘත ශරීරාගාරවල අවශ්‍යතාවද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩෙල්ටා ව්‍යාප්තිය හමුවේ අමෙරිකාවේ මිසිසිපි, ජෝර්ජියා, ෆ්ලොරිඩා ඇතුළු ගිනිකොනදිග ප්‍රාන්ත රැසක රෝහල්වල එලෙස ඔක්සිජන් හිඟයක් ඇතිවී තිබේ.

මරණ ඉහළ යෑම හමුවේ අර්බුදයට ලක්වී ඇති  මධ්‍යම ෆ්ලොරිඩා වෙත ශීත පහසුකම් සහිත මෘත ශරීරාගාර 14 ක් යැවීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.