Ada-Derana-1140-X-60-S 1200 add-02

ණයට කොටස් මිලදී ගත් ආයෝජකයින්ට සුරැකුම්පත් කොමිසමෙන් දැනුම් දීමක්

417
11453136468821839297
add-01

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළ යාම හමුවේ කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය සඳහා ණය ලබා ගැනීමේ දී ඉතා වගකීමෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව ඉල්ලා සිටී.

ආන්තික ණය හා කොටස් තැරැව්කාර ණය ලබා ගැනීමේ දී තමාට දරගත හැකි ප්‍රමාණයට පමණක් ණය ලබා ගන්නා ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිසම මෙහිදී අවධාරණය කර සිටී.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන මාර්ග අතුරින් ඉතා ඉහළම ප්‍රතිලාභයක් ලබාදෙන ආයෝජන මාර්ගයක් බවට කොළඹ කොටස් වෙළෙඳපොළ පත්ව ඇති බවත් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ දී ඒ පිළිබඳව නිසි ලෙස හදාරා දැනුවත්ව සහ නැණවත්ව ආයෝජනය කරන ලෙසත් සුරැකුම්පත් කොමිසම ආයෝජකයින් වෙත දැනුම් දී සිටී.

එසේම කොළඹ කොටස් වෙලෙඳපොළ විසින් ආයෝජකයින් දැනුවත් කිරීම සඳහා ඔන්ලයින් මාර්ගයෙන් මේ වන විට වැඩසටහන් කිහිපයක්ම දියත් කර තිබෙන අතර ඒවා සමඟ සම්බන්ධ වී සිය දැනුම වැඩිදියුණු කර ගැනීමේ අවස්ථාව ද ආයෝජකයින් හට මේ වන විට ලැබී ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු කොළඹ කොටස් වෙළෙඳපොළ හෝ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභා ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් ඔස්සේ දැනගත හැකිය.