Ada-Derana-1140-X-60-S 1200 add-02

තවත් කොරෝනා පොකුරක්.. නුවරඑලිය පොලිසිය වසා දමයි..

85
11453136468821839297
add-01

නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ තවත් නිලධාරින් පස් දෙනෙකුට සහ නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂක නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

නුවරඑලිය පොලිසියේ කාන්තා උප පොලිස් පරික්ෂකවරියෙකුට සහ පොලිස් රථ වාහන අංශයේ සිව් දෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු අතර , එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් හය දෙනා හමු වි ඇත.

නව අසාදිතයන් හය දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කල බවත්, නව අසාදිතයන් හය දෙනාගේ ළගම ආශ්‍රිතයන්ද ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවයි නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

පවත්නා තත්ත්වය මත නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ රාජකාරි සදහා නුවරඑලිය පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරින් නුවරඑලිය පොලිසියට තාවකාලිකව අනුයුක්ත කර රථ වාහන අංශයේ රාජකාරි සිදු කරන බවයි නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.