බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව කිව් වතුයායේ පහල කොටසේ එකම පවුලේ 08 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (26) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
අසාදිතයන් 08 දෙනාගේ පෙර අසාදිතයා පියා වන අතර, පියා මේ වන විට බගවන්තලාව මොරා වතු යායේ පිහිටි නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුලත් කර ඇත.
අසාදිතයන් 08 දෙනා සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ කොළඹ ප්‍රදේශයට ගොස් පැමිණ ඇති බවත්, ඒ අනුව සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම 08 දෙනා හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
අසාදිතයන් ගොස් ඇති එම වතු යායේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් , පෙර පාසලක් සහ ආගමික ස්ථානයක් තාවකාලිකව වසා දැමු බවත්, අසාදිතයන් අතර මව,දරුවන්,ලේලිය සහ මුණුබුරා සහ මිණිබිරියක් සිටින බවත්, එම අසාතියන් අතර වයස අවු 7 සහ මාස 4 බිලින්දෙකුද සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
අසාදිතයන් පදිංචි නිවාස අසල සහ අසාදිතයන් ගැවසුණු ස්ථාන විෂබිජහරණය කිරිමක්ද වතු පාලන අධිකාරිය විසින් (27) දින සිදු කරනු ලැබුහ.
එම අසාදිතයන් 08 දෙනාට අමතරව බගවන්තලාව කර්කස්වොල් වතුයායේ ඒ අසාදිතයෙකුද හදුනාගත් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.