ත්‍රිකුණාමලය මූලික කරගෙන පවත්වාගෙන යන ඉස්ලාම් අන්තවාදී සංවිධානයක බැංකු ගිණුමකට රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වසර 4ක කාලයක් තුළ දී බැර වී තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
පසුව එම ගිණුම අධිකරණය විසින් අත්හිටුවනු ලැබ තිබූ අතර ඒ වන විට ගිණුමේ ඉතිරිව තිබී ඇත්තේ රුපියල් 125,000 පමණක් බවද වාර්තා වෙයි.
ගිණුමේ තිබූ කෝටි ගණනක මුදල් එම සංවිධානය විසින් වරින් වර ඉවත් කරගෙන ඇත.
ඩුබායිහි සැඟව සිටින ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු විසින්ද රුපියල් කෝටි ගණනක මුදල් මෙම ගිණුමට බැර කර ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.
අදාල මුදල් ඔවුන් යෙදවූයේ කුමක් සඳහා දැයි හෙළි කර ගැනීම සඳහා පොලිසිය විසින් තවදුරටත් පරීක්ෂණ කරමින් සිටී.