Ada-Derana-1140-X-60-S 1200 add-02

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

222
11453136468821839297
add-01

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා.

එම ග්‍රාම නිලධාරී වසම් වන්නේ සුමේතගම්පුර,මුදෝවි,කෝවිල්අඩි, ලින්ග නගර්,කාවන්තිකුඩා,සහ චීන වරායයි.

මේ අතර පසුගිය දින හතරක කාලය තුලදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 617 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

එමෙන්ම පසුගිය පැය 24 ක කාලය තුළදී නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 187ක්.

2020 නොවැම්බර් මස 20 වැනි දා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 4087දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.

දිනෙන් දින උග්‍ර වන කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනයත් සමඟ මෙලෙස නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන අයවලුන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය දැඩි කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

එහෙයින් නිරෝධායන නීති රීති වලට අනුගත වී කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට සහය දෙන ලෙස ඔහු මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.