Ada-Derana-1140-X-60-S 1200 add-02

තෛපොංගල් දිනය අදයි

31
11453136468821839297
add-01
හින්දු භක්තිකයින් සමරනු ලබන අස්වනු නෙලීමේ උත්සවය හෙවත් තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.
ආගමික සහ සංස්කෘතික වශයෙන් මෙන්ම සමාජයීය වශයෙන් ද ඉතා වැදගත් උත්සවයක් ලෙස ඔවුන් තෛපොංගල් උත්සවය සලකයි.
ගොවිජනතාව වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ලබාගත් අස්වනු සඳහා ස්වභාවධර්මයාට කෘතඥතාව පළකරමින් සූර්ය දෙවියන්ට සිය අස්වනු පූජා කිරීම මෙම උත්සවයේදී සිදුකරනු ලබයි.
එමෙන්ම තෛපොංගල් උත්සවය සැමරීම සඳහා කඳුකරයේ ජනතාව මෙවර ඉතා උනන්දුවක් දක්වන බව “අද දෙරණ” වාර්තාකරුවන් සඳහන් කළේය.
මේ අතර තෛපොංගල් උත්සවය වෙනුවෙන් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබේ.