දකුණු අප්‍රිකානු ආනයන හා අපනයනකරුවන්ට කලාපීය හා ගෝලීය බෙදා හැරීමේ මෙහෙයුම් හා එකලස් කිරීම ඇතුළු වානිජ කටයුතු සඳහා කොළඹ ඇතුළු මෙරට නිදහස් වෙළඳ කලාප යොදා ගන්නා ලෙස ලක් රජය වෙනුවෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා විසින්.
මෙරට සැපයුම් සහ සේවා බෝට්ටු නිෂ්පාදන මෙන්ම ඇඟලුම් අංශයේ ව්‍යාපාර සංවර්ධනය සම්බන්ධයෙන් ද, දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර වෙළඳාම් අංශයේ ප්‍රධානියා ඇතුළු සාමාජිකයන්ගේ අවධානය යොමුව ඇති බව සඳහන්.
දෙරට අතර, වෙළඳාම මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක පමණ මට්ටමේ පවතින අතර, එය ඉහළ දැමීම කෙරෙහි දෙපාර්ශවයේ සාකච්ඡාවලදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.