Ada-Derana-1140-X-60-S 1200 add-02

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ලංකාවට

260
11453136468821839297
add-01

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද (26) අලුයම කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සඳහාය.

‘අද දෙරණ’ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් පැමිණි බවය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරග 3ක් සහ පන්දුවාර විස්සයි 20 තරග දෙකක් පැවැත්වීමට නියමිතය.

පළමු එක්දින තරගය සැප්තැම්බර් 02 වනදා ආරම්භ වේ.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර කණ්ඩයමේ ක්‍රිඩකයින් ජෛව ආරක්ෂක බුබුලක් තුළ මෙම සංචාරයේ නිරත වෙයි.