දකුණු අප්‍රිකානු කාන්තාවක් දස නිවුන් දරු උපතක් සිදුකරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව වාර්තා වනවා.
දකුණු අප්‍රිකාවේ ගුවටෙන් ප්‍රදේශයේ 37 හැවිරිදි ගොසිමේ තමාරා සිතොලේ නැමති කාන්තාවට මෙම දස දරු උපත සිදුවී ඇත්තේ සිසේරියන් සැත්කමකින්.
පිරිමි දරුවන් 7 දෙනෙකු සහ ගැහැණු දරුවන් 3 දෙනෙකු ඇයට බිහි වී ඇති බව දකුණු අප්‍රිකානු පුවත්පත් වාර්තා කළා.
මීට පෙර 2009 වසරේ එම වාර්තාව පිහිටුවා තිබුණේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ කළු ජාතික කාන්තාවක වන නාඩියා සුලේමන් විසින්.
ඇය, පිරිමි දරුවන් 6 දෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු එක් දරු ප්‍රසූතියකදී බිහි කර තිබුණා.
පසුගිය සඳුදා රාත්‍රියේ දස නිවුන් දරු උපතක් සිදුකළ කාන්තාව පිළිබඳ තහවුරු කිරීමක් සඳහා කරුණු සොයා බලන බව ගිනස් ලෝක වාර්තා ආයතනය ප්‍රකාශ කළා.