Ada-Derana-1140-X-60-S 1200 add-02

දකුණු අප්‍රිකා කණ්ඩායම ට අසීරු ඉලක්කයක්

369
11453136468821839297
add-01

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 300ක් ලබාගැනීමට සමත් වුණි.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 44ක් රැස් කිරීමට සමත්විය.

චරිත් අසලංක පන්දු 62කදී ලකුණු 72ක් රැස් කළේය.

පන්දු යැවීමේදී කේෂව් මහරාජ් සහ කගිසෝ රබාඩා කඩුලු 2ක් දවාගත් අතර ඒඩන් මාර්ක්‍රම්, සහ ටබ්රායිස් ෂම්සි එක් කඩුල්ලක් බැගින් දවාගත්තේය.

ඒ අනුව, තරඟය ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 301ක ඉලක්කයක් හිමිවිය.